අත්තම්මගේ-කෑම-රසට

අත්තම්මගේ කෑම රසට අම්මි ගොඩක් බයි කාලා..
බැලුම වගේ බන්ඩිගෙඩිය දැන් දැන් හොඳටම පිරිලා..
වඩාගන්න කිව්වත් මම ඉන්නවා දෝ මඟඇරලා..
කියා දෙන්න දූ පැටියට අම්මි වෙනස් ඇයි කියලා..

වෙනදා වගේ නෑ නිතරම මූණ හුඟක් බෙරි කරගෙන..
අමුවෙන් පළතුරු කනවා ලුණු පොල්කට්ටත් අරගෙන..
කියුවෙත් නෑ අසනීපය තියෙන ලෙඩක් ඇය විඳවන..
තාත්තියත් එනවා ගෙදර වෙනදට කලියෙන් දුවගෙන..

කෑම සුවඳ ගඳයි කියා අම්මි කියනවා හැබැයි..
බයි කවන්න අත්තම්මත් උදව් කරනවා තමයි..
මොකක් නමුත් ලොකුම දෙයක් වෙලා තියෙනවා හැඩයි..
තාත්තිවත් කියා දෙයිද බබාට නම් හරි දුකයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here