බියෙන් ඇලලී හුස්ම වැටෙනා ..
අඳුරු කාලය නපුරුමයි..
ලඟම අයගෙන් දුරස් වීමම ගෙනෙන..
දුක නම් අපමණයි..
ලොවම එකවර කඳුළු උහුලන..
ජීවිතෙත් දැන් අනියතයි..
කොරෝනාවෙන් උදුරගත්තේ..
මිනිස්සුන්ගේ සැනසුමයි..
ලොවේ සියලුම දෙයක් වේ නම්..
සොබාදහමට අවනතයි..
එකක් නෑරම ඉඟි කෙරෙන්නේ..
ලෝ විනාසයේ ඇරඹුමයි..
හිතන්නටවත් කාලේ නෑ ..
පණ ඩිංග දැන්නම් අහවරයි..
අනේ බුදුනේ දෙවියනේ යලි ..
ලොව වඩින්නට කාළයයි..