අවාසනාවට-බොඳ-වුන-පැතුමන්

අවාසනාවට බොඳ වුන පැතුමන් හිමිසඳ සමඟම මියැදුණු දා..
මොළකැටි පුතු හා අසරණ වූවා හව්හරණක් නැති ලෙසින් එදා..
අත බැඳි රන් මුදු මතක සෙනෙහෙබර තවමත් පාරන හිතින් බදා..
පුතුගේ නාමෙන් ඔබගේ වෙන්නම් සුරකිනු අප මඟ අතැර නොදා..

තාමත් කිරි බිඳු එරෙන සෙනෙහේ ළැම පුතුටම බාරව තිබුනාදෙන්..
මනසින් ඇලලෙන පෙර හිමි මතකය මකාලන්න කල් ගතවුනදෙන්..
මා පිය දෙපළගේ හිත් සුවපත් වී ඔබ මා  දෑඟිලි එක් වුනු දෙන්..
කුමරුනේ දිනයක ආදරේ නාමෙන් අප ලොව ඔබටම හිමිවුනදෙන්..

අතපහු වූවොත් ඔබගේ යුතුකම් සමාවෙලා ඉවසා ඉන්න..
නුරා බැලුම් ඉඟි හිත මත තෙරපා එපා සිතුම් ගිණි උහුලන්න..
ටික ටික කාලය ගතවී යාවී මා හිත ඔබ තුරුලට එන්න..
දොසක් නොහිතමින් මගේ රන් පුතුනට පිය සෙනෙහස නොවඩුව දෙන්න..

දෙවියෙක් ලෙසින් අප රැකුමට හිත තියලා..
පැමිණි නිසා ගෞරවයක් ඇත පිරිලා..
නොදැනිම මසිත ඇල්මක් ඔබ හට ඇදිලා..
පුතු හා මෙමා ඔබේ වෙන්නම් අද ඉඳලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here