අහසින්-පොළොවට

අහසින් පොළොවට සුරoගනාවක්..
ඇවිදින් කියනවා කිඳුරු කතාවක් ..
වරක් නොවේ සිය දහස් වතාවක් ..
නෙත ගොලුවේ දැක පුoචි හිනාවක්..

දෝණිගේ හුරතල් විටක ඉනාවක්..
බලා ඉඳිය හැකි ඕනේ  වෙලාවක්..
නොදැනිම නිවුනා හිතේ විඩාවක්..
නුඹ මට සියුමැලි දුහුල් වළාවක්..

දුව  ළඟ ගෙවෙනා රැයක් දවාලක්..
සෙනෙහස් සුව පිරි රසම ගුලාවක්..
අපමණ ළෙන්ගතු ළබැඳි දයාවක්..
තරු මෙන් දිදුලන අහස් තලාවක්..

නුඹ ආදරයේ සොදුරු නිමාවක්..
දිවියම සමබර කරන තුලාවක්..
කිසිදා නොබසින දිනිදු උදාවක්..
අප්පච්චිට නුඹ මිහිරි කළාවක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here