ආදරයෙන් නුඹ මා වත්තම් කල කාලය මතකෙට ළන් වෙනවා..
හිත මුළුගැන්වෙන සිතුවිලි මාලා මා යළි නුඹ ළඟ නවතනවා..
පතාන ආ ලෙස සසර පුරුද්දට අම්මේ පෙර පිං පලදෙනවා..
උණුහුම විතරක් නුඹ ළග තියලා හිහිගෙය හැර මා නික්මෙනවා..
දෝරේ ගලන්නට කඳුළැලි පිරුනත් එය මා නාමෙන් හෙලනු එපා..
චූටි පුතා නුඹේ ළඟ නෑ කියලා සුසුම් වලින් දුක කියනු එපා..
වෙනදා වාගේ රසට උයාගෙන මා එනතුරු මඟ බලනු එපා..
සුදු අම්මේ කිසි දිනකදි අඩුවක් මා හින්දා නම් දැනෙනු එපා..
නුඹ පෙවු කිරිවල පවු අර වන්නට විදසුන් වඩමින් සංසාරේ..
මා රාහුල පුතු වාගේ වෙන්නම් විවරණ ලබමින් දම්සාරේ..
බෝසත් කුලයේ බවුන් වඩන්නම් පිළිවෙත් පුරමින් නෙකවාරේ..
අම්මේ ඉතින් මට අවසර දෙනුමැන යන්නට බුදුහිමි ගියපාරේ..