ආදරේ ගැන අකුරු කෙරුමට මගේ කවි තව බර නැති..
අපට හමුවන අපෙන් ගිලිහෙන ආදරේ නම් අරුමැතී..
කොතෙක් කවි ගී එයට බැඳුනත් ගැඹුර නම් එහි නිම්නැති..
ආදරය යන අකුරු හතරට අරුත නුඹ මට දෙන්නැති..
හැබෑ වූ සුභ සිහින අතරේ ගැහෙන හදවත ඔබ අරන්..
වැටෙන හුස්මත් සුවඳ තවරා පිට කරමි නුඹ සිහිකරන්..
හැඟෙන නොහැඟෙන සියුම් සිතුවිලි නුඹේ නමටම නතුකරන්..
කියා දෙනු මැන ආදරේ මට නුඹේ ළඟටම ළන්කරන්..
සිනා කැන්දු සෙනෙහේ ගෙන වැඩි ඔයා නම් මට මහමෙරක්..
කොතෙක් හිතුවත් නිමා නොවෙනා සිත මලින් පිරි විල්තෙරක්..
මේ භවෙන් මතුවටත් මියැදී ඉපදෙමි තව සියවරක්..
ඔබේ සෙනෙහේ ලබන්නට තව පෙරුම් පුරමි කප්පරක්..
කියමි හිමිකම් දෙඅත් අල්ලා නොයමි කිසිදින හැරදමා..
ඔබේ නාමෙන් බැඳී ඉන්නම් සෙනෙහේ ලියලයි දලුදමා..
ලොවේ හැම ආදර කතාවක් පරදිනා හැටි දකිමිමා..
පිදු ආදරේ සදා නොමැකෙයි සත්තමයි මම ඔබේ තමා..
අඳුරු කතරක තනිව ඉද්දී දියපොදක් සේ සාගරේ..
සයුරු පතුලේ ගිලී ඉද්දී හුස්ම පොද ඔබ මා කෙරේ..
දිදුලනා ඔබේ දෙනෙත් අතරේ ගිලෙමි ආදර ආකරේ..
මියෙන තුරු මගේ ළඟින් ඉන්නකෝ අනේ මන් හරි ආදරේ..