ඇඟ තිබුනට මේ මාමට මන් වගේ වැඩ බෑ..
බලන් ඉන්න හැටි විතරක් අද සෙල්ලම් බෑ..
කටු තිබුනට ඇඟේ මගේ පැරදෙන්නත් බෑ..
මන් ගැහුවොත් එක පාරක් නැගිටින්නට බෑ..

හිත තිබුනොත් පොඩි උනාට දුර්වල වෙන්නෑ..
කල්පනාව තියෙනවා නම් පසුබසින්නේ නෑ..
අලි ඇත්තුත් කූඹි ළඟදි කුංචනාද නෑ..
මාමේ අද තරඟෙන් නම් නුඹ දිනන්නේ නෑ..

අඩි හප්පා ගොරවාගෙන එන්නයි යන්නේ..
හැප්පුනොතින් මගේ දෙවියනේ මං යටවෙන්නේ..
රින්ගාලා ගිහින් ඔහුව බිම පෙරලන්නේ..
ඉතින් මාමේ කොහොමද නුඹ  මං අල්ලන්නේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here