ඇයිද-මේ-හැටි-කඳුළු-පුරවන්

ඇයිද මේ හැටි කඳුළු පුරවන් දුකින් අම්මිත් මැලවිලා..
කතා නැතිවම හිටියේ ඇයි අද තාත්තිත් මගේ ගොලුවෙලා..
හිනාවක් වත් තිබුනේ නෑ මම බලා හිටියත් ළන්වෙලා..
තරහාවීලද මාත් එක්කලා ඉන්නේ මේ වගේ දොයියලා..

එදා චොකලට් එකක් ඉල්ලා අඬපු හින්දා තරහට..
ඉන්නවා ඇති රවට්ටන්නට නිදාගෙන වගේ බොරුවට..
එපා සෙල්ලම් බඩුත් කරදර නොකරමී යළි කිසිවිට..
ඔහොම හිටියම හුඟක් පාලුයි තාත්තේ සුදු පුතුනට..

ඔයා ආයෙත් එන්නේ නෑමලු දෙවියෝ ගාවට ගිහින් කියලා..
අම්මි කියනවා අඬ අඬා සුදු මලුත් පායුග මතින් තියලා..
වෙනදා වාගේ තුරුල් වෙන්නට එන්න ඕනේ ළඟට දුවලා..
පුතේ කියලා නැවත එනවද තාත්තේ නෙතුපියන් ඇරලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here