ඉටිමල්-පොකුරු-පූදින-උදුවප්-සීතේ

ඉටිමල් පොකුරු පූදින උදුවප් සීතේ
සාමයේ කුමරු හිනැහේ සුර මවු දෑතේ
තරුවක් දිලී කී ලෙස අරුමය උපතේ
කරුණා සතුට රජවෙන පැතුමකි දියතේ

පවනැලි පවා සතුටින් හමනා දසතේ
ලෝ සත තුටින් කදුළැලි නිවුනා දෙනෙතේ
නත්තල උදා කරමින් බෙදනා සිරිතේ
ආසිරි ගෙනේ සමිදුගේ ප්‍රේමයේ අරුතේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here