ඉපදෙන-මියෙන-දේ

ඉපදෙන මියෙන දේ පොදු දහමක් මෙලොවේ..
එහෙම ලොවක උස් මිටි කම් කිම බැලුවේ..
සුදු කලු උනත් රතු ලේ ඇතුලින් ගැලුවේ..
හැමට ඉඩක් ඇත ඉපදුනු මහ පොලොවේ..

මුදල් පොදි අරන් මේ ලොව ආවේ නෑ..
මියෙන දාට කිසිවක් ගෙනියන්නේ නෑ..
කල දේ මිසක බලයන් පවතින්නේ නෑ..
හිතුවොත් ටිකක් ජීවිතේ වරදින්නේ නෑ..

එකම අහස යට ජීවත් වෙනවා නම්..
එකම පොලොව අපහට පෑගෙනවානම්..
කිමද කුලල් කා ගන්නට වෙර වෑයම්..
මෙහෙම ගියොත් හෙට ලෝකය අවදානම්..

සලකා සැමට එක ලෙස හිත හොද පතුරා..
සතුරා උනත් මෙත් බලයෙන් වෙයි මිතුරා..
ගුණ දම් වගා කොට කරුණා හිත් වපුරා..
දෙමු අපි ලොවක් හෙට පරපුර වෙත පවරා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here