කුස-ගින්දර-පරදන්නට-අල්ලලා-ඔට්ටු

කුස ගින්දර පරදන්නට අල්ලලා ඔට්ටු ..
අම්මා අද අසනීපෙන් වෙලා තෙහෙට්ටු..
බලා ඉන්න බෑ හිඟකම්  දෙවියොත් නොදුටු ..
දුප්පත් කම පෝසත් මදි වෙන්නට සතුටු ..

අත්තම්මා කඩා දුන්නු එළවළු ටිකට..
කාසි ටිකක් හොයා ගන්න ආවත් පොළට..
කෑ ගහලා මිළ කියුවත් පුළුවන් ලෙසට ..
තාම ආවේ නෑ කවුරුත් මාගේ ළඟට..

බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕනෑ අදම..
ඒත් සල්ලි නෑ එක්කලා යන්නේ කොහොම ..
දුකයි අම්මා ලෙඩ උනාම පාලුයි බොහොම ..
ඇයි ළෙන්ගතු  මේ තරම්ම අපටත් දුකම..

පුoචි මටත් මහන්සියක් අනේ දැනෙනවා..
නොකෑ නිසා බඩගින්නක් කඳුළු ගේනවා..
හවස් වෙන්න කලියෙන් ගෙට යන්න තියෙනවා ..
ඉක්මනින්ම එනවද මම බලන් ඉන්නවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here