කුළුඳුල් හැඟුම්

කුළුඳුල් හැඟුම් මහදේ පිරුනා වාගේ..
පුතුනේ කරමි යුතුකම් දෙඅතින් මාගේ..
මෙතරම් කලක් ගෙවුනත් අපගේ දීගේ..
උඹ ආ පසුව කාලය ගෙවෙනවා නෑගේ..

අම්මිට තවම මේ දේවල් හුරු නෑලූ..
අත්තම්මත් එන්න ටිකක් කල් යයිලු..
එතකල් බලන් ඉන්නත් හොඳ නෑ පව්ලූ..
තාත්තිට පුතුගේ වැඩ කරන්න පුළුවන්ලූ..

වෙනිවැල් සුවඳ උණු වතුරට මුහුවීලා..
හිල් පොල් කට්ට සුරතින් ගෙන සැරසීලා..
අම්මි එක්ක හරි හරියට එක් වීලා..
පුතුනේ වතුර නා වන්නම් කවි කියලා..

බිංදු  බිංදු දිය හිසමත වැටෙන නිසාද..
අම්මි පුoචි කන් පොඩි උඹේ අතින් වසාද..
පළමු දවස නිසා ඇහැට වතුර ගියාද..
නාඬා ඉන්නේ තාත්ති එක්ක තරහා වෙලාද..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here