රටම-බියවී-හිරවෙලා

රටම බියවී හිරවෙලා දැන්.. 
බෝවෙලා චීනෙන් ලෙඩක්..
වැලේ වැල් නෑ අහවරයි ඉන්..
මියැදිලා ලෝකෙන් අඩක්..
දුකක් අස්සේ මුහුණු පොත මත..
පරන චායා රූ ගොඩාක්..
උඩට එනවා අනේ අම්මපා..
නැද්ද මන්දා වෙන වැඩක්..

හිනාවක් මවනා එකත්..
මේ කාලේ හැටියට ලොකු පිනක්..
ඒත් රිදුනොත් කාගේ හරි හිත..
ඒක වේවි ලොකු පවක්..
ඒක හින්දා ජාමේ බේරන්..
නොගා මිතුරන් හට මඩක්..
පතමු අපි හැම එකාවාගේ..
කොරෝනා බිය නැති හෙටක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here