කෝළ-වෙන්නට-එපා-මැණිකේ

කෝළ වෙන්නට එපා මැණිකේ මේ එදා ආදරයමයි..
පිපුණු නෙළුමේ තව දැනෙන්නේ පෙර විදපු ඒ සුවඳමයි..
එක්ව බැඳි හිත් මෙන්ම හෙවනැලි යනෙන මග අපි එක්කමයි..
හෑමදාකම මා නිවෙන්නේ පිoකඳේ නුඹ දැක්කමයි..

හිරුට කලියෙන් ඇවිත් අහසට පායනා නුඹේ සිනාවන්..
මටත් දරු දැරියන්ට යහමින් බෙදී යන මුදු දයාවන්..
අපෙන් හැන්ගි නිවාගන්නා දැනුනු වෙහෙසක විඩාවන්..
බොහෝ ඉවසා රසකලා නුඹ අපේ දුක්බර කතාවන්..

අදත් ඉස්සර වාගේ තරුණයි මැවෙන සිතුවිලි තරගෙට..
ගෙවුන කාලය උනත් වියපත් නෑ ගිහින් අපි වයසට..
සැනෙන් හදුනා පැයෙන් බිඳෙනා සෙනේ ඇදුනට සයනෙට..
අපේ උත්තම සැබෑ ආලය අයිති බෝසත් කුළයට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here