ගුරු ගෙදරක සෙවණේ හිඳ අකුරු කරන්නට හිතුනා ..
හැබෑ නොවෙන හීන අතර පරවුනු පැතුමන් තිබුනා ..
අහිමි දෙමාපිය සෙනෙහේ යුතුකම් බරටම දැනුනා ..
පොත් මිටියක් වෙනුවට උඹ මාගේ දෑතේ රැඳුනා..
වැලිපිල්ලක හැඩට ලියූ මුල් අකුරක මතක ලියා..
අප්පච්චි අපව දමා සුරලෝකෙට යන්න ගියා..
පුoචි නුඹේ ළඟ තනියට හෙවනැල්ලක් වෙන්න කියා..
අම්මත් නොහිතපු මොහොතක ගියා අපට කඳුළු තියා..
සම වයසේ මිතුරන් දෙස දුරින් ඉදන් දුකින් බලා..
හිටියා මිස වාසනාව නෑ උපතින් උරුම වෙලා..
කියාගන්න බැරි හැඟුමින් පසුතැවුනත් සුසුම් හෙලා..
පාසැල් දොර පාමුල ළඟ නැවතී හිත සතුටු කළා..
මට හිමි නැති උනත් සොඳුරු හෙට දිනයක් නුඹට තනා..
හැඩ කරන්න දිවි මාවත ගෙනෙමින් මුව අගට සිනා..
සිඳී බිඳී ගිය දිවියේ අඳුරු මතක අපට ගෙනා..
අමතක කර ජයගනු මැන දිරියෙන් මුළු ලොවක් දිනා..