තරු-පොකුරක්-කඩන්-වැටිලා

තරු පොකුරක් කඩන් වැටිලා කියලා ඔලුවට..
උදේ ඉඳන් උඩ පනිනවා දුව දුව තරඟෙට.. 
මොකුත් නෑනේ ඇවිදිල්ලා ළන්වී බැලුවට..
අයියා මාව රවට්ටනවා හිනැහී බොරුවට.. 

රන්ඩු උනත් ඉඳහිටලා වැටිලා පොරයට..
ආදරෙයි නේ මට කවදත් අයියා හරියට..
තරහා වෙලා ඒ වේලෙට පොඩ්ඩක් ඇඬුවට..
අයියා වගේ වෙන කවුරුද ඉන්නේ නංගිට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here