තාල රoඟන නයන මින්දද හිත මුලාවූ හීසරින්..
තුන්ඟ ඉඳුවර පහස අයදින නුරා මත්වූ බඹසරින්..
නොවී අන්සතු පතිනි වන්නට සදා පේවී හරසරින්..
කුමරුනේ ඉඟියකින් අවනත වුනා මා ලැබු අවසරින්..
අහිමි නිද්‍රා ස්වප්න මස්තක වර්ණ ගැන්වූ දින පෙමින්..
මඟුල් මණ්ඩප සුවඳ පිරුනා සඳුන් කුoකුම පිරි දුමින්..
ළතෙත් පැතුමින් පිරී ගැබ්බර දරා සිටියත් මවු වෙමින්..
ආලවට්ටම් බෙදී තිබුනා නොදත් රූමතියක් නමින්..
දාව බිහිවු දෝණි අතහැර හිමි රහසේ නික්මන්..
සිටු මැදුර මැද තවත් රැවුදේ පා ගැටෙන සක්මන්..
එදා රහසේ නොපැතුවා නම් බඹරිඳුනි කැල්මන්..
අදත් නොයිදුල් වී පිපේවි විල්තෙරේ පියුමන්…