තුරුලු-කරන්-මොන-මොනවද-කියනවා-රහසින්

තුරුලු කරන් මොන මොනවද කියනවා රහසින්..
රැවුල් කොටත් අනිනවා කිචි කවනවා මුහුණින්..
ගෙදර ඇවිත් අද වෙනදට වැඩියෙන් කලියෙන්..
තාත්ති දඟයා ඉල්ලනවා ආදරේ පුතුගෙන්..

 මගේ මූණ එයාගේ පොඩි කාලේ වගේලු..
 සුදුම සුදුත් එයාගේ හැඩ පාට නිසාලු..
 මේවා ඇහිලා අම්මි ටිකක් තරහා වෙලාලු..
 තාත්තියගේ චණ්ඩියා දැන් පුoචි බබාලු..

 දෝතින් වඩා ගී නැළිවිලි ඉඳහිට මුමුණයි..
 අම්මි තරම් හැඩ නොවුනට කටහඬ කදිමයි..
 ආදරයෙන් කන්නේ මම ඔහුගේ මුහුණයි..
 කොච්චර රිදුනත් ඉවසපු හැටි නම් පුදුමයි..

 යන්න දෙන්නේ නෑ වාගෙයි ඉතින් බේරීලා..
 තාත්තියාගේ උණුහුමේ අද මාව හිරවෙලා..
 හැමදාමත් ඔහුත් එක්ක සෙල්ලම් කරලා..
 හිනාවෙන්න බබත් ඉන්නේ සතුටින් බලලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here