තුරුලු කරන් සීතල වැහි නොදැනෙන්න.
හිසට හෙවන නෑ වැස්සෙන් බේරෙන්න..
අහස් කුසට බෑ අප නොතෙමා ඉන්න..
නoගියේ නුඹත් මේ අඳුරට හුරු වෙන්න…

අහස දෙදරවා නැගෙනා ගිගුම් හඬ..
වේගෙන් ඉගිල යන වාහන ඉහින මඩ..
නොනවත්වා හමනවා අද සුළන් සැඩ..
බඩගින්නේ දැවෙනවා දැන් අපේ බඩ..

දෙවියනි ඔබද අපේ ඉරණම ලියන්නේ..
දුකක් නැද්ද අප මේ ලෙස තෙමන්නේ..
හැකි නම් අපට අනුකම්පා කරන්නේ..
හනික වැස්ස නවතා අප රකින්නේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here