දමා යන්නට ගිහින් රන්කඳ මහලු හාමිනේ තනිවෙලා..
අනේ ඩින්ගක් බලන්නත් බෑ තදින් නෙත් දෙක පියවෙලා..
මාත් කැටුවම යන්න තිබුනා ඒත් ඇයි ඉක්මන්වෙලා..
මොකුත් නොකියම නිසොල්මන්වී ඉන්නේ කෙලෙසද ගොළුවෙලා..
කොහොම ඉන්නද හෙට ඉඳන් මේ පාලු කටුමැටි පැල්පතේ..
කහට උගුරක් පවා නීරස වේවි හිටියත් හාමතේ..
සුදු කොඩිත් ගොක්කොල තොරන් බඳ සරසලා ඇති මාවතේ..
සමුඅරන් ඔබ යාවි නිහඬව නිවුනා එළිවැට ජීවිතේ..
නිතර ලෙඩ වෙන මගේ දුක සැප හොයන්නට දැන් කෙනෙක් නෑ..
තියෙන විදිහට උයා දෙන බත රසබලන්නට එන්නේ නෑ..
බල බලාවත් සුසුම් ලන්නට රාමු කළ පින්තූර නෑ..
මගේ රන්කඳ මෙයින් මත්තට ඔයා ආයේ එන්නේ නෑ..
කුමට ඉන්නද ඔයා නැති මම යන්න ඇවිදින් එක්කරන්..
හත් දොහක් ගත වෙන්න කලියෙන් ඉන්නවා මම මගබලන්..
කොහේ හෝ මතු අත්භවේ ඉපදේවි අපි කළ පින් අරන්..
ඉතින් නික්මී යන්න අවසර නැවත හමුවෙමු රත්තරන් ..