දරා-කහවත්-සිවුර

දරා කහවත් සිවුර
වැඩියාට දන් ගෙදර
නොතේරේ හය හතර
වැරදි වෙනවා නිතර

එතරෙ වන්නට සසර
බවුන් වඩනා අතර
පුංචි හින්දම නතර
නොවේ දඟකම් මිහිර

දම් අමා ගුණ දහර
උගෙන සිල් රැක සාර
බුදු හිමියනේ කතර
මඟ දිනමි පින්සාර

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here