දාරක ස්නේහයේ උල්පත ලෝ තලයේ..
දයා දියෙන් නහවන හද සියුමැලියේ..
මවුනි ඔබේ ගුණ මහිමේ පිං බලයේ..
නිමක් නොවේ බෙදනා රස ආදරයේ..

සුවඳ සිඹින ඇගේ හුරතල් ඕවිල්ලේ..
පුතුන් නිදයි සුව සාදන නැළවිල්ලේ..
තබා සිහින නිරතුරු ඇගේ සිතුවිල්ලේ..
සදා රැඳේ පසු පස හිඳ හෙවනැල්ලේ..

පෙවු රන් කිරෙන් ජීවය සවි දෙවන්නේ..
රස බත් අනා කෝලම් කර කවන්නේ..
දෝතින් වඩා උණුසුම් සුව සදන්නේ..
මවුන් නමින් ලෝකයේ පන ගැහෙන්නේ..

බුදුහිමි ලෙසම ගරු බුහුමන් ලැබූ උතුම්..
දරුවන් වෙතම රන්දා හදවතේ පැතුම්..
මවුනි ඔබේ ළය මඬලේ ඇඳුනු සිතුම්..
බැතියෙන් පුදමි වැතිරි ඔබේ පාද පියුම්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here