දැක්ම ද සිතක් අලවන වරුණා දිලිසි..
ශෝභමාන දුල්නෙත් නූපුර මෙහෙසි..
කරුණා පිරුණු සුකොමළ පින්සර උවැසි..
නිල් අම්ඹරේ පෑයූ පුර හඳ සදිසි..
හසරැලි මතින් මන බන්ඳන රූ මියැසී..
කැල්මන් මනා පැහැදුල් ඉඳුවර සඳැසී..
කෙහෙරැළි ලතාවේ මල් ලියකම් ගැවසි..
ආල හැඟුම් පිරුවා ගෝමර දිගැසි..