දිනෙන්-දින-බිඳෙන්-බිඳ

දිනෙන් දින බිඳෙන් බිඳ කුස ගැබේ මෝරනා..
දිය ගැඹරේ රැළි නගා උණුහුමට පීනනා..
පුoචි කුතුහලයකින් හිත නිතර හූරනා..
නුඹ දුවක් දෝ පුතෙක් දෝ කියා තෝරනා..

ටික කලක් ගෙවිලා දැන් පුoචි අල බන්ඩියට..
බිඳක් දැන් නම් හුරුයි මාත් මවු පදවියට..
නිසොල්මන්වී මෙතෙක් හිටි මගේ චන්ඩියට..
පුළුවන්ලු දඟලන්න ඇහෙන මගේ කටහඬට..

තාත්ති නිතරම දුවෙක් ගැන හීන මවනවා..
රෝස පාටින් ඇදුම් අරගන්න හිතනවා..
පුoචි පුතු පැටියෙකුට මම ආස කරනවා..
නුඹ කවුද දැනගන්න අපිත් දින ගනිනවා..

ඉඳහිටලා හෙමි හෙමින් ගහනවිට නුඹ පයින්..
සතුටු කඳුළක් වැටෙයි පැටියො මගේ නෙත් අගින්..
කුළුදුලේ පිපෙනු නුඹ පැතුම් අහසක් ලෙසින්..
සතුට දෝතින් අරන් වඩිණු සුරඟන ලොවින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here