දිවි-අරණේ-මදහාස-ඕවිල්ල-නුඹ-තමයි

දිවි අරණේ මදහාස ඕවිල්ල නුඹ තමයි
නෙත් විලේ පිපි සුමුදු සුවඳ කුසුමත් නුඹයි
මුව පාන හසරැල්ල සැනසිල්ල නුඹ නිසයි
ඉතින් බැඳි ආදරේ පුතේ මහමෙර සමයි

හිත නිතර වද වෙන්නේ පුංචි දඟකම් ගැනයි
බහතෝරනා මුවේ කී කතාවන් රසයි
හුරතලෙන් දැවටෙද්දි හීන පිරුවේ මමයි
දිවිය තියෙනා තුරා පුතේ නුඹ මගේ පණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here