දුවේ උඹේ හිනා මුහුණ

දුවේ උඹේ හිනා මුහුණ දකින්න සිහින..
දුටුවා මා බොහො කලක් තැවුනා හිතින..
කුමාරියක් ලෙස සැරසී උඹ අද හිඳින..
අප්පච්චිගේ ඉහේ මලක් පිපුනා තුටින..

නැති බැරිකම් නිසා හැඩට අදින්න උඹට..
දෙන්නට බැරි උනත් දුවේ අසරණ කමට..
අහිමි අතක් නිසා විදින ළතැවුල් එමටེ..
සිඟමන් යැද හෝ යුතුකම් කරනෙමි දුවට..

දුක කියලා උපයා ගත් දේ සරි කරලා..
ලස්සන ගවුමක් දෝණිට ගෙනවිත් දීලා.
සිනහා සලන උඹේ හුරතල් මුව දෙස බලලා..
නොසැලී ඉන්නම් කඳුළැළි නෙතගින් පිසලා..

දුවේ උඹේ රූප ගන්න දුප්පත් මෙමට..
නෑ තිබුනේ හැකියාවක් තරහද එයට..
කඳුළු  කතා රහ නැතුවට සමාජේ අයට.
පුoචි හිනාවක් ඇති වෙයි දුප්පත් අපට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here