දූ-පැටියා-ඇවිත්-අපේ-ලෝකය-පිරිලා

දූ පැටියා ඇවිත් අපේ ලෝකය පිරිලා..
මගේ අතින් ඇගේ යුතුකම් හැමදේ කරලා..
 දින ගෙවෙනා කලට ඇගේ හුරතල් බලලා..
 මහත්තයෝ තරහද මම ළඟ නෑ කියලා..

 මුලු ඇඳේම ඉඩ සේරම දෝණි අරගෙන..
 මගේ ළඟින් ඉන්න බෑනේ තුරුල් කරගෙන..
 පාළු හිතුනොතින් ඇවිදින් ළඟින් ඉඳගෙන..
 හිස සිඹිමින් ඉන්නකෝ රස කතා කියමින..

 අපේ ආදරේ වස්තුව මම රකින පණ වගේ..
 ඔබ වෙනුවෙන් යුතුකම් මග හැරෙයිදෝ මගේ..
 වෙනදා වගේ ආදරයෙන් නොකෙරුවත් අගේ..
 නොවෙනස් සෙනෙහේ ඇත මගේ හදවතේ දිගේ..

 සමාවෙන්න වූවොත් අඩුපාඩු මා අතින්..
ඉවසාලා ආදරයෙන් ඉන්න මන් ළඟින්..
 රත්තරනේ දිවුරන්නම් ඔයාගේ නමින්..
 මියෙන තුරා ළඟ ඉන්නම් නොමියෙනා පෙමින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here