දෝතින්ම-බදා-මා

දෝතින්ම බදා මා..
උපන්දා සිට ලඟින්..
බලාගත් හැටි අගෙයි..
අම්මා වාගෙම පෙමින්..
ඉන්න උනොතින් නැන්දී..
ඔයා නැතුවම දුරින්..
දැනෙනවා දුක ගොඩාක්..
පාලුයි නේ මට ඉතින් 

සෙල්ලමට හුරතලෙන්..
කෙරූ දඟ වැඩ හොරෙන්..
අමතකව නම් නොයේ..
මතකයිනේ මට හොඳින්..
ආදරේ මහ ගොඩාක්..
හාදුවක තවරමින්..
සිඹින්නම් මුව පුරා..
නැන්දියෝ සෙනෙහසින්.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here