නෙතු-ඉමට-දුර-ඈත

නෙතු ඉමට දුර ඈත සිඟිති රන්කැටි සිනා..
හිත් ඉමට ගෙනෙයි දුක් නිතින් කඳුලැලි උනා..
තනන්නට නුඹේ ලෝකේ සතුටු මන්දිර තනා..
ලඟ නොඉද මට නුඹෙන් දුර ඉන්න සිදු වුනා..

නිමක් නැති ආදරේ නුඹ නමින් සිර කරන්..
පුංචි නුඹේ රුව වෙතම දෙනෙත රැඳෙනා තරන්..
දුව එන්න ළඟදීම තෑගි ගෙන පොඳි බැඳන්..
හැමදාම අප්පච්චි ඉන්නවා මඟ බලන්..

නුඹේ හුරතල් කතා අහන්නට ලඟට වී..
නෑ වරම් රැකියාව ඇතේ මට හරස් වී..
පාළුවෙන් පිරවෙලා හිත නුඹව මතක් වී..
සිහිනයක එතෙන්නම් නිදන්නට තුරුල් වී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here