නෙලූ හීන වළාකුළක පා වෙච්චී..
පැතූ පැතුම් හිස් අහසක තනිවෙච්චී..
අතැර නොයා හුස්මක් ළඟ දැවටිච්චී..
හිනා තියෙනවා කඳුළක හිරවෙච්චී..
පුතෙක් වගේ හයියට හිත පැලවෙච්චී..
දුවකි මමත් නුඹේ සෙනෙහෙන් පිරවෙච්චී..
සුවඳ පිරුණු පපුතුර පණ ගිලිහිච්චී..
සුර විමනක යලි හමුවෙමු අප්පච්චී..