නොකළ වරදකට සිරවී පුතු කූඩු..
පොලෝසියෙන් ගුටි බැට දී ගයි වාඩු..
අම්මා හඬයි නුඹ නැති දා ගෙට පාඩු..
නුහුරුයි මෙවන් කරදර අවමන් කෝඩු..
කාසි පනම් යහමින් නැති අපට පුතේ..
උඹේ ඉගනීම පමණයි රජ කෙරුවෙ හිතේ..
උපාදියේ ඔටුනු සිහින හුළඟේ එතේ..
දුක කියුවාට දෙවියොත් අද අපට නැතේ..
ඔසවා කැරළි කෑ ගොස්සම් වීදි පුරා..
එහෙ මෙහෙ දුවන සිසු අරගල දසත අරා..
උඹේ පාඩුවේ නිදහස් බැමි බලෙන් ඉරා..
සිරගත කළා දෝ පුතුනේ වැරදි කිරා..
දොස්තර පුතෙක් දැකගන්නට පිරු පෙරුමන්..
දුප්පත් අපිට ඇප වේවිද කොයි උතුමන්..
ලොක්කෙක් නොවුන මුත් කම් නෑ දිවි රැකගන්..
තැලුම් නොකා ගෙදර එන්න මඟ බලපන්..