පතිනියනේ කඳුළැලි හිරකර හිඳිනා..
ලොව නොදනි සුසුමන් රහසින් හෙලනා..
කැප නොවුනත් ආදරබර හිමි කරුණා..
ඔබ දිරියටයි ලීවේ මේ කවි වරුණා..
තම මෑණියන් ආදරයෙන් රකින පුතුන්..
බිරිඳව තලා හිරකරමින් වියරු වෙමින්..
අවමන් නගා අපහාසෙන් කුරිරු කමින්..
කරවයි රුදුරු හිංසනයන් නිගා දෙමින්..
බමන මතින් ආරූඬෙන් ඇවිලෙන්නේ..
දෑතේ දෙපයේ හයිකාරම පෙන්වන්නේ..
සිය බිරිඳගේ ලේ කඳුළැලි නොතකන්නේ..
අන් මල් සොයා වල්මත් වී පියබන්නේ..
ඉවසා හිඳින තරමින් දුර්වල නොමවේ..
සවිමත් හිතත් සාගරේ ගැඹුරට සමවේ..
මහ මේඝයන් සුළි කුණාටු ඇය තුළවේ..
කැලඹුන හොත් සුසුමින් ලෝකය අළුවේ..