පලා-කුස-ගැඹ-නෙලා

පලා කුස ගැඹ නෙලා කැටයම් හුස්ම දී රහසේ..
තුරුලේ උණුහුම් කලා සිඹිමින් ලැමතුරක පහසේ..
කදුළු මකලා පැතුම් පුරවා නුඹගේ හිත් අහසේ..
එදා විතරක් හිනැහුනා නුඹ මා හඩපු දවසේ..

එරෙන තරමට වඩා වැඩියෙන් දොවා කිරි දුන්නූ..
දෙනත් පියවිලි ගෙවී යනතුරු අවදියෙන් උන්නූ..
බාලගිරි දොරකඩින් එලියට එලවමින් පැන්නූ..
අම්මේ එතරම් පරිස්සම් නුඹේ ආදරේ පෙන්නූ..

කතා කර කර මුකුළු කරනා විටදි එක දිගට..
ආස හිතුනා අහන් ඉන්නට කියන කවි වලට..
සේද ඇතිරිලි දමා තිබුනත් හැඩට අපේ ඇඳට..
කැමති වැඩියෙන් අම්මියෝ නුඹේ සුවඳ පිරි උරට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here