පාරමි-පුරා-හිඳ

පාරමි පුරා හිඳ..
නෙත් කැලුම් ඇහැරවා..
දඟකාර හිත මත්තේ..
නුඹ කවක් ලියනවා..
ස්නේහයේ මදහාස..
හැගුම් හද කිතිකවා..
කුමරුනේ අපෙ නමින්..
සියක් මල් පිපෙනවා..

සංසාර මංපෙතේ..
මතක සුව දැනෙනවා..
හාදු පිරි කොපුල් වල..
නුඹේ සුවඳ තියෙනවා..
අහිංසක කතාවෙන්..
මගේ පාලු මැකෙනවා..
රත්තරනේ නුඹේ නමින්..
දිවිතුරා ඉන්නවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here