පා ගමනින්ම යනෙනා මහනුවර බලා..
මා රැකලාම අසරණ උඹ මහළු වෙලා..
නෑ කිසිදාක හෙන්ඩුව ගෙන පහර තලා..
සැලකුම් ඔබේ ලබනට මා පිනක් කළා..
දනිමි වෙහෙස දැනෙනා බව පා වලට..
පහසු නොවේ මා සැරසුම් පෙරහැරට..
සද්දන්තයෙක් හින්දා බැඳි දම්වැලට..
වඩා හීලෑ මා ඔබගේ සෙනෙහසට..
පෙළහර පාන පෙරහැරේ ඔදතෙද බෝමා..
ළෙන්ගතු බාර සැලකිලි දරුවෙක් සේමා..
පියෙකුට සමයි බැඳි ආදරේ නෑ සීමා..
නුවරට යන්න මඟ කියපන් කලු මාමා..