පැතුමකි-සොඳුරු

පැතුමකි සොඳුරු ..
සඳ රැස් යායක තනිවු..
වදනින් ගොළු වූ තොල් පෙති කිසිදින නොකියු..
පණ මෙන් බැඳුණු මේ හිත වෙනතක නෑලු..
කොඳුරා ළන්වී රහසින් ආදරේ කියනු…

පිළිරූ ඇඳුණුආදර දෙනෙතේ නැවති..
කවුරුන් වේදෝ මිහිරිම මතකෙට පැමිණි..
අයිතිය පැවරු නමටම ළෙන්ගතු ඔය රූ ..
සදා රැක ගමි හුස්මට ළඟින් හිඳ සුදු..

පෙරුමන් පුරමින් යුග යුග ගානේ අවුදින්..
හොඳින් හඳුනනාවිලසින් සෙනෙහේ තැවරු..
සිතුවිලි තුරුලු උණුසුම් සුසුම් මුසුවුනු..
පතා දැවටෙමි තනියක් නොවේ මින් මතු..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here