පැතුම් මල් කෝටියක් මා නමින් පුරෝගෙන..
තාම අත දරුවා සේ දෝතින්ම වඩාගෙන..
උනන කඳුළැලි නෙතින් වසන් කර දරාගෙන..
අම්මේ කොහොමද ඉන්නේ ඔහොම හිත හදාගෙන..

උපන් දා පටන් මට වාරු නැති ජීවිතෙන්..
හුඟක් දුක් විඳින්නැති නොකියුවත් කරදරෙන්..
මුදන්නට ඉඩදෙන්න ඔබේ දිවිය කලුවරින්..
මා දිනන දා දිනෙක පිරෙයි මුව හිනාවෙන්..

හැඩ රුවින් පිරිපුන්ව ඉන්න පිo මදි උනත්..
කිරුළු පළදිමි මතින් දැනුම මා ඇත උගත් ..
නොහැක්කක් නොමැත දිරි ගනිමි අම්මේ තවත් ..
මේ ලෙසම ළඟ ඉන්න අද මෙන්ම ඔබ හෙටත් ..

ඔබේ ආදරය ඇති සාගරය පුරවන්න..
බලගතුයි හැක එයින් සක්වලම පරදන්න..
වැටෙන විට නැගිටින්න පුතුට වීරියදෙන්න..
මේ කරන පිං බලෙන් අම්මේ මතු බුදුවෙන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here