පින්බරයි අද නිහඬ බැල්මන් දෑස් මත ඇඳෙනා..
සoවරයි සක්මන් ගමන දැක හිත නිවී සැලෙනා..
තනිවමයි අද මගේ ලෝකය ඔබ නිවන් පතනා..
හදවතයි මේ පාරවන්නේ කඳුළු කැට වැටෙනා..
ළතෙත් ආදර වදන් නෑ අද අප අතරේ රැඳුනේ..
නිවී සැනසෙන බුදු වදන් මයි සවනතේ ඇසුනේ..
වෙනදා වාගේ බලන්නට බෑ කෝළකම් මුහුණේ..
දෙනෙත් මඟහැර ඒකමයි මම දෙපා මුල වැටුනේ..
කප්පරක් ආදරේ නුඹ මට එක හිතින් පිදුවා..
මහමෙරක් තරමට දුකක් මා ඔබට හිමි කෙරුවා..
ඇයැදිමින් තව ඉවසමින් ඔබ මා එතැයි හිතුවා..
කඳුළු බැමි ඉරිතැලී සුසුමින් කසාවත දැරුවා..
මා අතින් බෝ නපුරු රිදවුම් ඔබත් විඳි නින්දා..
නික්ම යන්නට ගිහි ගෙයින් ඔබ හිතුවදෝ මන්දා..
සමාවෙනු යැයි කියන්නට වත් සුදුසු නැති හින්දා..
පින්කඳේ මම වැදවැටී නුඹේ දෙපා යුග වැන්දා..