පුංචි-කාලේ-ඉදන්

පුංචි කාලේ ඉදන් එකටම..
ආදරෙන් හුරතල් වෙලා..
මල්ලියේ උබ මගේ පණ සේ..
ඇත්තේ තවමත් ලංවෙලා..
මනාලිය වී නික්ම ගියදා කඳුළු..
නෙතු මගේ පාරලා..
ඉතින් කෙලෙසක මග හරින්නද..
උඹ මගේ මතකේ වෙලා..
හෑමදාකම සෙනෙහේ මාගේ..
නුඹේ නමටම ලියවිලා..
අදත් හෙටටත් වෙනස් නොමවේ..
තියේ හිතයට සැගවිලා..
කොතෙක් වයසින් වැඩී උන්නත්..
තවම නුඹ මගේ හුරතලා..
මතු භවෙත් හමු වෙන්න පෙරුමන්.. 
පුරමු එක කුස ඉපදිලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here