පුංචි-සමනල්-පියාපතකින්

පුංචි සමනල් පියාපතකින්..
පාට අරගෙන සැරසිලා..
දාංගල කම් මකා පින්බර..
සුදු මුහුණ තව හැඩවෙලා..
මුදු මොලොක් සිනහා නිසාවෙන්..
පෑව හුරතල් වැඩිවෙලා..
පුතුනි නුඹගේ වාසනාවෙන්..
දිවිය සුවඳින් පිරවිලා..

දිනෙන් දිනයට ලබා ගුණදම්..
සියපතක් සේ පිබිදිලා..
උතුම් මිනිසෙකු වෙන්න පුතුනේ..
දිවි ගමනෙදී ඉවසලා
කිරුළු හිස මත දරන දිනයක..
හාදු මුව මත තවරලා..
නිවෙමි සැනසෙමි සතුට විඳගමි..
නුඹේ නාමෙන් හිනැහිලා.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here