දුහුල් සඳ සිරියාව පරදන නුඹේ හිනාවට පෙම්බැඳ..
ගෙවූ මිහිරිම කාලේ අදටත් අපේ මැණිකෙට මතකද..
එදා වාගෙම නෙතේ දිලිසෙන සතුටු කඳුළැලි දැක්කද..
ගතින් වියපත් උනත් අපි හිත් වලින් කෙතරම් තරුණද..
තුරු වියන් යට ඇවිද ගිය ඒ වසත් කාලයේ දොඩමලු..
කතා පිරිලද හමා ඇදෙනා සුළඟ මෙතරම් කන්කලු..
අදත් වෙනසක් නොවේ මැණිකේ පායනා ඒ අරුණලු..
ඉරත් මෙතරම් ඉඟිමරන්නේ අපට දිස්නය දෙන්නලු..
මතක අමතක නොවේ කිසිදා තියේ හදගැබ ලියවෙලා..
වෙනදා වාගෙම ඔයා ආසම තිළිණේ මා අත ගුලිවෙලා..
පතා එන්නට භවෙන් භවයේ මේ ලෙසම නුඹ මගේවෙලා..
පුරමු පෙරුමන් හුස්ම මියෙනා තුරුම මැණිකේ ළන්වෙලා…