සෙල්ලම්-නිරිදු-නාමෙට-බැඳි-කරකාර

සෙල්ලම් නිරිදු නාමෙට බැඳි කරකාර..
පුර අග බිසෝ ලෙස බබසර පරිවාර ..
කිරුළු පලන් කම්සැප නැති උපහාර …
දස්කොන් නුඹට බාරයි හිත කවිකාර..

මනලොල් වඩන නුඹ රුව සක්මන් මළුවේ..
දූටුවන ආල බැල්මෙන් තුන්සිත ගොළුවේ..
යටපත් නොකල හැගුමින් අඩවන් සළුවේ..
කවුරුද රහස් සලකුණු පිළිමයේ නෙළුවේ..

කවිකම් හාද දොඩමළු සුසුමින් වෙලිලා..
පෙලපත් නාම දංගෙඩි කඳමුල සිදිලා..
පෙරවිදි හාදු සුවඳින් නුඹවම පතලා..
ඉපදෙමි යලිත් මතුභව ලෙසටම ප්‍රමිලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here