පුළුවන්-නම්-අප්පච්චි

පුළුවන් නම් අප්පච්චි තව දවසක් ඉඳලා යන්න..
ගියොත් ඉතින් මට පාලුයි බෑනේ සෙල්ලමක් කරන්න..
මල්ලි තාම චූටි නිසා මොකුත් නොකියා ඉන්නේ ඔන්න..
අම්මිත් හරි දුකින් ඉන්නේ බැරිද අදත් නතර වෙන්න..

නිතර ඔයා නේන නිසා ආවම ලෝබයි යවන්න..
පුංචි පුංචි බත් කටවල් රසට අනලා කවා ගන්න..
කැරකි කැරකි ගෙදර වටේ ඔබේ කරේ නැගලා යන්න..
ඉන්නකො තව එක දවසක් චූටි දෝණි සතුටු වෙන්න..

රට රකින්න යනවා කියලා අම්මි කියනවා ඇහුනා
නොකියුවාට ඔයා ගැනත් හරිම බයක් මට දැනුනා
ඔයත් ගොඩක් දුකින් යන්නේ කඳුළු තියෙනවා පෙනුනා..
යන්නේ නැතුව ඉඳියි කියා පුංචි හිනාවක් නැගුනා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here