පෙරමඟ බලන බොඳවුනු නෙතු රිදෙන තරම්..
හීනෙන් පවා උඹ ගැන හිත හොයන තරම්..
දෑත දෙපය නොකඩා උඹ හදපු තරම්..
මගේ පුතේ නොදනි මවු සෙනෙහේ තරම්..
පවුලක් වෙලා උඹ පිළිවෙල වෙලා පුතේ..
වයසක අම්මා නැතිදෝ දැන් උඹේ හිතේ..
හයියක් නොවේ වැහැරුණු මේ දුබල ගතේ..
බලා යන්න නාවත් උඹ තරහා නැතේ..
මහලු මඩමේ මා තනිකර උඹ ගිය දවසේ ඉඳලා..
නිතර අනේ මඟ බැලුවා පුතේ උඹත් එයි කියලා..
කඳුළු පිරුණු දෑස් අගට උඹේ මතක ඇත පිරිලා..
තාමත් මේ හිතේ උඹට ආදරේ නම් නෑ බිඳිලා..
කටට රහට කැවිලි ටිකක් මුනුබුරන්ට හදලා දෙන්න..
පොඩි කාලේ වගේ උඹට කිරිබත් රස කර කවන්න..
ගොඩදවසක් ඕනේ නෑ අවුරුදු දවසෙම හිඳින්න..
පුළුවන් නම් ඇවිත් පුතේ අම්මව එක්කරන් යන්න…