බලන්-හිටියා-ගොඩක්-වෙලා

බලන් හිටියා ගොඩක් වෙලා තාම අවේ නෑ..
ඊයේ උදේ ගියපු බබා කොහෙද දන්නේ නෑ..
මමත් තාම මෙතන කියා එයා හිතන් නෑ..
යාළු බබෙක් ආපු නිසා මාව මතක නෑ..

මන් විතරයි සෙල්ලම් කර දුවන්න හිටියේ..
අලුත් යාළුවෙක් ඊයේ ආපසු නැටියේ..
මමත් බලන් හිටියා යට ඉඳගෙන සැටියේ..
අමතකවත් උනාද මේ ටොමියව පැටියේ..

හරිම සීතලයි අද නම් ඉවසන්නට බෑ..
බබා ගෙදර නැතුව ඉතින් මට ඉන්නත් බෑ..
ඊයේ ඉඳන් කෑමක් වත් කන්නට මට බෑ..
දකින කල්ම චුට්ටක් වත් ඇහැපියන්න බෑ..

යාළුවෝ කොච්චර හිටියත් මම බබා ළඟින්..
ඉන්නවා හැමදාටම ඔහු පිට උනත් ගෙයින්..
තව ටිකකින් හරි ආවොත් පිළිඅරන් හොඳින්..
ගෙදර එක්ක ගෙන යන්නම් බුර බුරා තුටින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here