බලාගත්වන බලා ඉන්නමි ඇහි පියට නෑ විඩාවක්..
ගත උනා දෙන් ඔහේ තප්පර සිහින අතරේ වෙලාවක්..
පියාපත් ගෙන තුටින් සරනා මසිත දුහුළැල් වළාවක්..
තේරුනාවද නොකියා කියනා හැඟුම්බර රස කතාවක්..

පිටු පුරාවට ලියූ පැවරුම් පාඩමක් මතකෙට කරන්..
නිදි වැරූ සඳ ළඟින් තරුවක් පෑයුවා පැතුමක් අරන්.
කිරුළු පළඳා සිනාසෙන විට මේ ලෙසින් අභිසෙස් දරන්..
අපමණයි මට නුඹේ බැල්මත් වටිනවා අහසක් තරන්..

නෙතින් අමුණන සිතැඟි සහසක් වදනකින්  ගොලුවී..
විටක සුළඟේ නටන කෙහෙරැළි පැටලුනා සිරවී..
මිදෙන්නට මේ භාවනාවෙන් තවම මට බැරිවී..
දැහැන්ගත වෙමි සෙනෙහේ තවරමි කුමරුනේ ළන්වී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here