බැoකු-පොතට-තාත්තගෙන්

බැoකු පොතට තාත්තගෙන් සල්ලි ඇවිත් කියා රටින් .. 
ලැබුණු නිසා පණිවිඩයක් ගෙදර ඉඳන් ආවා උදෙන්..
අවුරුදු ළඟ එන හින්දා සතුට දෙගුණ වෙලා ඉතින්..
කලබලේට ෆෝන් එකත් අමතක වී අම්මි ගිහින්..

කම්මැලියි නේ වාහනේට වෙලා නිකන් බලා ඉන්න..
බිස්කට් වත් ළඟක නෑනේ ආසාවට එකක් කන්න..
ලැබුණු වෙලාවෙන් බබාට රූප දෙකක් තුනක් ගන්න..
ෆෝන් යාලුවේ ටිකකට බෑ නොකියා ළඟට එන්න ..

තෑගි ලැබුණු අලුත් ඇඳුම්  ඇදගෙන මම දිගට දිගේ..
දැක්කොත් සතුටින් පිරේවි තාත්ති පින්තූරේ මගේ..
කියාවි දූ හරි හුරතල් ළමයා බෝනික්කි වගේ..
ලස්සන කියමින් වරුවක් කරාවි පින්තූරේ අගේ..

ෆෝන් යාලුවේ තනියට ආවත් නුඹ මගේ ළඟට..
දැක්කොත් අම්මී බනීවි ගත්ත නිසා ඔයා අතට..
ලොකු අයගේ දේවල් නම් හොඳ නෑ මේ පුංචි අපිට..
ඒක නිසා යනවද දැන් තරහා නොවී මගෙන් දුරට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here