ඇයි මේ කඳුළු අද මට හන්ගන්න බැරි..
මෙතෙක් කලක් හිත පතුලේ තියා දැරි..
සුදු දුවේ ලස්සනයි අදනම් උබත් හරි..
දුව යන නිසා වැට්ලා මගේ හිතම හිරි..

තැලි පිළි පලන්දා මගේ පොඩි මනාලියේ..
අප හැරදමා යනවද අද සිදාදියේ..
නෙතු අද්දරින් උණු කඳුළක් ගලාගියේ..
සෙනහස නිසයි මගේ හුරතල් දයාවියේ..

රත්තරනේ මගේ ලෝකය එළිය කෙරු..
උඹ පමණයි මගේ දෙනෙතේ පහන තරු..
අවසන් හුස්ම කවදා හරි හෙලන තුරු..
දුව නැති ලොවක් අප්පච්චිට නෑනේ හුරු..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here