මඟ-බලාගෙන-දවස-ගානේ

මඟ බලාගෙන දවස ගානේ..
ඇඟිලි ගැන ගැන ආදරෙන්..
නැතුව ඉවසිලි බලා හිටියා..
නංගි එනතුරු ඉක්මනින්..
කතා කිය කිය මතක් කර කර..
සතුට පුරවන් ඇස්වලින්..
කියයි රසකර මලක් වාගේලූ..
නංගි පැටියා ලස්සනින්..
එකතු කරගෙන පුංචි සෙල්ලම්..
බඩුත් අයියා පිලිවෙලින්..
හීනෙනුත් හිනැහී හිඳින්නේ..
නංගියා ගැන මතකයෙන්..
දෑසේ තියමින් රකිමි මතුවට..
දෙදෙන මාගේ පණ ලෙසින්..
හිත පුරා මේ මිහිර විඳිමින්..
නිවෙමි අපමණ සෙනෙහසින්.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here