වැටෙයි ළමයෝ පණ්ඩිත වැඩ කළාම ඔහොම..
මල්ලි හරිම නරක් වෙලා දැන්නම් දඟම..
මන් වාගේ ඉන්න බැරිද අම්මගේ ළඟම..
රිදුනොත් අම්මට අද ගුටි කනවා හොඳම..

හොඳ ළමයින් නපුරු වෙන්න නරකයි ළමයෝ..
මට නම් ඔය විදිහට දඟ කරන්න බැරියෝ..
තුවාලයක් කරගත්තොත් දැන්නම් ගොයියෝ..
තාත්තා ඇවිදින් අම්මට බනිනවා අයියෝ..

හොඳ මල්ලියා වගේ මෙහෙට එන්නකෝ පැනලා..
ආවොත් රස අඹ ගෙඩියක් දෙන්නම් කඩලා..
අපි දෙන්නම අම්මා කියන දේ දැන් අහලා..
යමුද ගෙදර හිමීට උස අත්තෙන් බැහැලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here